පියවර තුනකින් මලකඩ කන එක වලක්වන විශ්වකර්ම ක්‍රමය මෙන්න

යකඩ මලකෑම නොහොත් මලකඩ කෑම ගැන නම් නොදන්නා කෙනෙක් නැතිව ඇති. අපගේ අත්‍යාවශ්‍ය යකඩ භාණ්ඩ මෙලෙස මල කන එක නම් අපගේ පොකට්ටුවටත් පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. ඉදින් අපි අද හිතුවා මේ මල කෑම වලක්වන විශ්වකර්ම ක්‍රමවේදයක් ඔයාලට කියල දෙන්න. වාතයේ තියෙන ඔක්සිජන් වායුව බාහිර පරිසරයේ තිබෙන ජලවාෂ්ප සමග එකතුවෙලා යකඩ වල තියෙන ෆෙරස් අයනත් එක්ක ක්‍රියා කරලා ෆෙරික් ඔක්සයිඩ් සහ ෆෙරස් ඔක්සයිඩ් යන සංයෝගයන් තැනෙන ක්‍රියාවලියටයි අපි මල කනවා කියල හඳුන්වන්නේ. ඉදින් ඕනෑම යකඩයක් වායුගෝලයට නිරාවරණය වූ වෙලාවේ ඉඳන් තමයි මේ ක්‍රියාවලිය සිදුවීමට පටන් ගන්නේ. ඒ වගේම මේ ක්‍රියාවලිය වේගවත් කරන්න ලුණු වගේ ලවණ වර්ගවලට පුළුවන්. අන්න ඒ නිසානේ මුහුදුබඩ ආශ්‍රිත නිවෙස්වල යකඩ භාණ්ඩ ඉක්මනින් දිරාපත් වෙන්නේ. ඉදින් මේ මල කෑම නවත්වාගැනීමට අපි නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කරනවා. එහෙත් එවැනි වූ ක්‍රමවේද මගිනුත් සාර්ථක ලෙස මල කෑම නම් නවතන්න අපහසුයි. අන්න ඒ නිසා මේ මල කෑම නවතන විශ්වකර්ම ආලේපනයක් තියෙනවා කියල කිව්වොත් මලකන භාණ්ඩ ආරක්ෂා කරගැනීම ඔබට අස්වැසිල්ලක් වනු නොඅනුමානයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




යකඩ මලකෑම නොහොත් මලකඩ කෑම ගැන නම් නොදන්නා කෙනෙක් නැතිව ඇති. අපගේ අත්‍යාවශ්‍ය යකඩ භාණ්ඩ මෙලෙස මල කන එක නම් අපගේ පොකට්ටුවටත් පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. ඉදින් අපි අද හිතුවා මේ මල කෑම වලක්වන විශ්වකර්ම ක්‍රමවේදයක් ඔයාලට කියල දෙන්න.