හැරගිය අය දින 21 න් ගෙන්වන ගුරුකමක්‌

බුද්ධිය යටපත් කර ගනිමින් හැඟීම්වලට වහල් වී ඇති කර ගන්නා අනියම් සබඳතා නිසා හට ගන්නා අඬදබර හේතුවෙන් අඹු සැමියන් වෙන්වීම නිසා ඔවුන් විසින් මෙලොවට බිහි කළ දරුවන් අසරණ භාවයට පත් වන අවස්‌ථා අද සමාජයේ ඉතා වැඩි වශයෙන් දකින්නට ලැබෙන අවාසනාවන්ත සිද්ධීන් වේ.

කොතෙක්‌ කරුණු කාරණා කියා දී වරද නිවැරදි කර සමාදාන කොට දරුවන් වෙනුවෙන් ඔවුනොවුන් යළි එක වහළක්‌ යටට ගෙන ඒමට කටයුතු කළද ඒවා ගඟට කපන ඉනීමෙන් නිශ්ඵල ක්‍රියා වේ.

එවැනි දරදඬු දඩබ්බර ස්‌ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වය සැණෙකින් නම්මවා තම බිරිඳගේ - ස්‌වාමියාගේ බසට අවනත කරවා නැවත තමන් වෙත ගෙන්වා ගැනීම සඳහා භාවිතා කළ හැකි සත්‍ය අති ප්‍රබල වශී කර්ම රැසක්‌ ගුප්ත විද්‍යා ශාස්‌ත්‍රය තුළ පවතින අතර, එවැනි එක්‌ ක්‍රමයක්‌ ඔබගේ යහපත වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරමු.

ඉතා පිරිසිදු ස්‌ථානයක රතු වියන් බැඳ රතු පිරුවට එලා මල් යහනක්‌ තනා එහි සොහොන් කාලි මෑණියන්ගේ පිළිරුවක්‌ වඩා හිඳුවා රතු මල්, පුවක්‌ මල්, අබතෙල් පහනක්‌, සුවඳ දුම්, කැවිලි, පළතුරු පූජා කර අදාළ කටයුත්ත සඳහාම වෙන්වූ යන්ත්‍ර වර්ග දෙකෙන් එකක්‌ තඹ පත්‍රයකද අනෙක්‌ යන්ත්‍රය තැඹිලි ගෙඩියකද ඇඳ එහි මැද අදාළ අයගේ නම ලියා ඒවා මල් යහනේ තැන්පත් කර රතු සාරියක්‌ හැට්‌ටයක්‌ - මාල - වළලු, කරාබු, කුරු, හවඩි පනා ආදී කාන්තාවන් පළඳින සියලු ආභරණ කාලිමෑණියන්ට පුදා අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්හි හැර ගිය අය ගෙන්වීම සඳහා භාවිතා කරන්නා වූ සුවිශේෂී මහා බලගතු මන්ත්‍රයෙන් 1080 වරක්‌ද භද්‍රකාලි කවචයෙන් 1080 වරක්‌ද අදාළ තැනැත්තාගේ රුව සිතින් මවා ජීවම් කර ගන්න.

නිවැරදිව ප්‍රස්‌ථාර ගත කරගත් යන්ත්‍ර දෙන නිසි පරිදි ජීවම් කරගෙන තම ගෙවත්තේ නැගෙනහිර දිශාවේ වළක්‌ කපා තැඹිලි ගෙඩිය වළ තුළට දමා පස්‌ දමා වසන්න. ඒ මත තඹ පත්‍රයේ ඇඳ ගත් යන්ත්‍රය තබා දෙහි - දොඩම් - ජම්බෝල- නාරං - පඹුරු යන පස්‌පැඟිරි ශාකවල වියළි කෝටු දල්වා තඹ තහඩුවේ ඇති යන්ත්‍රය රත් වීමට සලස්‌වා කාලිමෑණියන්ට කන්නලව් කරමින් අදාළ අයට නිවසට ඒමට බල කරන මෙන් ඉල්ලා සිටින්න.

කිලිකුණු දොaෂවලින් වැළකී නියමිත ශාස්‌ත්‍රයට අනුව මෙම කටයුත්ත ඉටු කිරීම තුළ දින 21 ක්‌ ගත වීමට පෙර අදාළ අය උමතුවෙන් මෙන් යළි නිවසට පැමිණීම අත්දැකීමෙන් ප්‍රකාශ කළ හැකි සත්‍යයකි.

ඔබගේ බලාපොරොත්තුව ඉටු වූ පසු වළලන ලද තැඹිලි ගෙඩියද තඹ පත්‍රයේ ඇඳගත් යන්ත්‍රයද ගලා ගෙන යන දිය පහරකට දමා කාලිමෑණියන්ට පිං අනුමෝදන් කර ගුරුකමේ වැඩ අවසන් කරගන්න.

වැඩිදුර විස්‌තර සඳහා 072-4377576 අංකය අමතන්න.

ජ්‍යෙතිෂවේදී - අගලවත්තේ බී. හේරත්

දිවයින ඇසුරිණි



දරදඬු දඩබ්බර ස්‌ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වය සැණෙකින් නම්මවා තම බිරිඳගේ - ස්‌වාමියාගේ බසට අවනත කරවා නැවත තමන් වෙත ගෙන්වා ගැනීම සඳහා භාවිතා කළ හැකි සත්‍ය අති ප්‍රබල වශී කර්ම රැසක්‌ ගුප්ත විද්‍යා ශාස්‌ත්‍රය තුළ පවතියි