මොනවද මේ සුදු කබර ? හොඳ කරගන්න පුථවන්ද?

ප්‍රරශ්නය - සුදු කබර රෝගය පිළිබඳව අප දරණ මතය මෙයයි. මේ රෝගය සුව වූ අය ඒ බව අන් අයට කියනු ඉතා දුර්ලභයි. මෙයට හේතුව මේ රෝගය තමන්ට තබුණබව සෙස්‌සන් දැන ගන්නවා ඔවුන් තුළ ඇති අකමැත්තයි. මේ නිසා Vitiligo යනුවෙන් හඳුන්වන මේ චර්ම රෝගය පුවපත් කර ගත හැකි මාර්ග පෑදී තිබෙනවා නම් ඒවා වැසී යනවා. ඒ එක්‌කම යුරෝපයේ සිටින අය විවිධ ලෙඩ රෝග සඳහා ඖෂධ සෙවීමට පර්යේෂණ කළත්, සුදු කබර සුව කිරීමට අවශ්‍ය ඖෂධ සෙවීමට පර්යේෂණ කරන්නෙ නැහැ. එයට හේතුව ඔවුන්ගේ සම සුදු පැහැති නිසා සුදු කබර පැල්ලම් කැපී පෙනීමක්‌ සිදු නොවීමයි. මේ ගැන ඔබ දරන මතය කුමක්‌ද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මේ මතය සමඟ මා එකඟ වෙනවා. සුදු කබර රෝගය සුව කළ හැකි ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන් කිහිපදෙනෙක්‌ රට පුරා සිටිනවා. ඒ හපන්කම කළ හැකි වෙද පරම්පරා කිහිපයකුත් රට තුළ ඉන්නවා. අප කළ යුත්තේ ඒ අය හඳුනාගෙන ඔවුන් අනුගමනය කරන ක්‍රමවේද පරීක්‍ෂා කරලා වැඩිම ප්‍රතිඵල තිබෙන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමයි.

ප්‍රශ්නය - මොකද්ද මේ සුදු කබර රෝගය කියන්නේ

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මුලින්ම නවීන විද්‍යාව අනුව මේ රෝගය අර්ථකථනය කරමු. ඒ අනුව SV සුදු කබර රෝගය සහ NSV සුදු කබර රෝගය යනුවෙන් දෙවර්ගයක්‌ තිබෙනවා. මෙහි S යනු Vitiligo හෙවත් ඡේදත්මක සුදු කබර යන්නයි. දෙවැන්න එසේ නොවන සුදු කබරයි. සාමාන්‍යයෙන් බහුලව පැතිර යන රෝගය තමයි මේ දෙවැනි වර්ගයේ සුදු කබර. පළමුවන වර්ගයේ සුදු කබර සුවපත් කිරීම සඳහා කබර පැල්ලම් පවතින තැන්වල චර්ම බද්ධ කිරීම පවා සිදු කෙරෙනවා. 

දෙවැනි වර්ගය සඳහා UV කිරන හෙවත් අධෝරක්‌ත කිරණ මගින් ප්‍රතිකාර කරනවා. මේ දෙවැනි වර්ගයේ සුදු කබර රෝගය තවත් උප කොටස්‌ 5 කට බෙදෙනවා. ඒවායේ ස්‌වරූප මෙහෙමයි.

පළමුවන වර්ගයේ කබර රෝගය සිරුර පුරාමතැන තැන පැල්ලම් ඇති කරනවා.

දෙවන වර්ගය විශාල පැල්ලම් වශයෙන් සිරුර පුරා පැතිරෙනවා.

තුන්වන වර්ගය ළමයින්ට බහුල වශයෙන් වැළඳෙන අතර ශරිරයේ එක්‌ ප්‍රදේශයකට පමණක්‌ සීමා වෙනවා.

හතරවන වර්ගය අත් හා ඇඟිලි මත හට ගන්නවා.

පස්‌වන වර්ගය කට, නාසය, ඇස්‌ යන ප්‍රදේශ වටා හට ගන්නවා.

ප්‍රශ්නය - සුදු කබර රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - සුදු කබර රෝගය වෙනත් රෝගවල වගේ සුවිශේෂ රෝග ලක්‍ෂණ දනවන රෝගයක්‌ නොවෙයි. මෙහි මූලික රෝග ලක්‍ෂණය වන්නේ සම මත කුඩා සුදු පැහැති ලප කැලැල් හට ගැනීමයි. මුලදී මේ ලප ඉතා කුඩයි. එහෙත් කල්ගත වන විට මේවා ක්‍රමයෙන් විශාල වීමට පටන් ගන්නවා. කල්ගත වන විට මුහුණ අත් පා කට වටා යන තැන්වල තිබෙන කැලැල් තවදුරටත් පැතිරෙනවා. තවත් කාරණයක්‌ කිව යුතුයි. සුදු කබර මුලින්ම හටගන්නේ තොල්, කටවල් ආශ්‍රිතවයි. එතැන සමඉතාම සියුම් හා මෘදු සමක්‌.

ප්‍රශ්නය - මේ රෝගය හට ගන්නේ කොහොමද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - බටහිර විද්‍යාවට අනුව ගෙනෙන ප්‍රධාන තර්කයක්‌ තමයි ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය විකෘති වීමෙන් මෙය හටගන්නා බව. එතකොට ශරීරයේ සමෙහි තිබෙන අඳුරු පැහැති වර්ණකය වන මෙලනින් විනාශ වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය මෙලනින්වලට පහර දීමට පටන් ගෙන ඒවා විනාශ කර දමනවා. තවත් සමහරු කියන්නේ අවුව තැපීම නිසා සම මත හට ගන්නා පිළිස්‌සුම් මගින් සුදු කබර හටගන්නා බවයි. ධාන්‍යවල තිබෙන ග්ලුටන් ශරීර ගතවීමෙන් ඇතිවන අහිතකර බලපෑමත් මෙයට හේතු වන බවට මතයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - කිසියම් රෝගයක්‌ වැළඳුන විට එහි අතුරුපලයක්‌ හැටියටත් සුදු කබර හට ගන්නවාද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - ඔව් එවැනි පිළිගැනීමක්‌ තිබෙනවා. Hashimoto thyroiditis නමැති තයිරොයිඩ් ආශ්‍රිත රෝගය, scleroderma හෙවත් සම ඝන වීමේ රෝගය, රුමටොයිඩ් ආත්‍රයිටිස්‌, දියවැඩියාව, සොරසියිස්‌ යන රෝග හටගත් විට සදු කබර ඇතිවන බවත් කියනවා.

සුදු කබර වර්ගයේ ආයුර්වේද නිර්වචනය සහ එයසුව කරන ඖෂධ ගෙදරදී හදන හැටි ලබන සතියේ කතා කරමු.

නොමිලේ විස්‌තර 037 494 0866/ 071 4257711
දිවයින ඇසුරිණි


මේ රෝගය සුව වූ අය ඒ බව අන් අයට කියනු ඉතා දුර්ලභයි. මෙයට හේතුව මේ රෝගය තමන්ට තබුණබව සෙස්‌සන් දැන ගන්නවා ඔවුන් තුළ ඇති අකමැත්තයි.