අද දවස ඔබට කොහොමද? - 2017 අපේ‍්‍රල් මස 05 වන බදාදා

ඉර උදාව - පෙරවරු 06.06 ට
ඉර බැසීම - පස්වරු 18.19 ට
රාහු කාලය
දිවා 12.06 සිට 13.35 දක්වා.
රාත‍්‍රී 00.06 සිට 01.35 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ
තරමක් ශුබ ඵල ගෙනෙන දිනකි. රාජකාරි බහුල වෙයි. ව්‍යාපරික කටයුතුවල ප‍්‍රගති පෙනේ. නව වැඩකටයුතු ඇරඹීමට හොඳයි. නව නිවාස, දේපල මිලට ගැනීමට විකිනීමාදියට ශුභයි. ප‍්‍රීති උත්සව, පි‍්‍රය සාද ඇතිවෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික වතාවත් ගරු කටයුතුවල යෙදේ. හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - දම් - ජය අංකය – 05

වෘෂභ
ශුභ දිනකි. තමන්ගේ බලාපොරොත්තු තරමක් හෝ ජයගනී. තම මතවලට ඇසුරුකරන්නෝ ගරු කරයි. දුර ගමන්, එතෙර ගමන් සඳහා ශුභයි. ප‍්‍රීති උත්සව සඳහා සහභාගීවෙයි. අසරණයන් වෙනුවෙන් කැපවන දිනකි. තරමක් වැයපස අධිකවෙයි. පුද්ගලික ව්‍යාපාරවල ඉදිරි දැක්මක් පෙනේ. භුමි ලාභ, භුමි සම්පත් ලාභ ලබන දිනකි. ශුභ වර්ණය - ලා රතු - ජය අංකය - 01 

මිථුන
ශුභ දිනකි. තමන් බලාපොරොත්තු අරමුණු කරා යයි. තම වටිනාකම ඇසුරුකරන්නෝ අතර ප‍්‍රචලිත වෙයි. උස් පහත් භේදයකින් තොරව ඇසුරු කරන්නෝ ඒකරාශී කර ආගමික වතාවත්වල යෙදේ. යහපත් දේ ගරුකර කටයුතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ, සාකච්ඡුා ආදියට ශුභයි.  නිශ්චල දේපල මිලට ගැනීමට, විකිණීමට ශුභයි. භූමි ලාභ ලබන දිනකි. ශුභ වර්ණය - සුදු ජය - ජය අංකය - 06 

කටක
ශූභ ශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරි ස්ථානවල තරමක් මත ගැටුම් ඇතිවේ. තමන් පසුපස කුමන්ත‍්‍රණ බලවේග කි‍්‍රයාකරයි. බුද්ධිමත්ව දවසේ කටයුතුවල යෙදීම හොඳයි. හදිසි ගමන් බිමන් යෙදේ. නව නිර්මාණකරනයට හොඳයි. නව සබඳතා ඇතිවෙයි. තම නමට කැළලක් ඇතිවීමට ඉඩඇති බැවින් ඇසුරේදී බුද්ධිමත් වීම මැනවි. ශුභ වර්ණය - කී‍්‍රම් - ජය අංකය – 02

සිංහ
තරමක් ශුභඵල ගෙනදෙන දිනකි. සුපුරුදු රාජකාරි කටයුතු සතුටින් කරන අතර,පොදුසේවා කටයුතුවල නිරතවෙයි. තම ළගම ඥාතීන් සම`ග සුහදතාව වර්ධනය වන කටයුතු යෙදේ. සම්මුඛ පරීක්‍ෂණ, සාකච්ඡුා ආදියට හොඳයි. භූමි ලාභ, භුමි සම්පත් උදාකරන දිනකි. ඒ ගැන දවසේ උනන්දුව ශුභයි. ශුභ වර්ණ - ලා දම් - ජය අංක - 04 

කන්‍යා
ශුභාශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරි ස්ථානවල සුළුවෙන් හෝ මතගැටුම්වලට හේතුයි. අරාංචි පමණින් කලබලවීම සුදුසු නොවේ. සුපුදුරු කි‍්‍රයාවල්වලට අමතරව ශාස්තී‍්‍රය කටයුතුවලින් ජයවේ. නව නිර්මාණකරණයට හොඳයි. නව රැුකියා ලාබ ලැබීම්වලට හේතුයි. අමතර ලාබ ලැබීම් ඇති දිනකි. ශුභයි. ශුභ වර්ණ - කොළ - ජය අංක – 08

තුලා ලග්නය
අද දිනය ඔබට උදා වන්නේ පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගයක් ද උදා කරවමින්. ඉතාමත්ම ශුභ දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්. අද දිනය තුල ඔබගේ ආකර්ෂණ ශක්තිය ඉතාමත්ම ඉහල තත්වයක පවතින බව විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ආ ගිය තැන අන් අයගේ පිළිගැනීම ඇති වේ.

වෘශ්චික
ශුභාශුභ මිශ‍්‍ර දිනකි. දුර ගමන්, හදිසි නිපැයුම් සඳහා ශුභයි. නිවාස මිලට ගැනීමට, අලූත්වැඩියාවට ශුභයි. එතෙර ගමන් සඳහා ශුභයි. ලිපි ලේඛන කටයුතුවලට අයැදුම් පත් තැපැල් කිරීම ආදියට ශුභයි. වෙනදාට වඩා වැයපස අධිකවෙයි. භුමි ලාභ, භුම් සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණ - රන්වන් - ජය අංක – 08

ධනු
ශුභ දිනකි.  නව වැඩ ඇරඹීමට ඉදිරියට ගෙනයෑමට ශුභයි. නව නිවාසලනව ඉඩකඩම් මිලට ගැනීමට, විකිණීමට ශුභයි. හවුල් වැඩවලට ශුභයි. පොදු සේවා කටයුතුවල නියැලේ. ඇසුරුකරන්නෝ යම`ගට යොමු කරවන කටයුතු වලට යොමු කරයි. හදිසි ධන ලාභ ලැබීම්ට හේතුයි. ශුභ වර්ණ - රෝස - ජය අංක – 07

මකර
දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. දුර ගමන්, එරෙත ගමන් සඳහා ශුභයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුරු, මිතුරියන් සම`ග බැදේ. ශාස්තී‍්‍රය කටයුතුවලින් ජයවේ. විනෝදකාමී ගමන්, වැඩසටහන්, යෙදේ. වෙදනාට වඩා වැයපස ඉහල යයි. භුමි ලාභ, භුම් සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණ - නිල්- ජය අංක – 04

කුම්භ ලග්නය
අද දිනයේදී ඔබට ප්‍රභල ධනයෝගයක් උදා වී පවතිනවා. ඉතාමත්ම යහපත් දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. පෙර පින් පල දෙන දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලත් අති සාර්ථක ප්‍රතිඵල උදා කරවන්නට හැකියාව පවතිනවා. නව ධනෝපායන මාර්ග උදාපත් වනවා.

මීන
දවස තරමක් ශුභයි. උනන්දුවේ තරමට ප‍්‍රතිඵල අත් වෙයි. අනුන්ගේ අවශ්‍යතා මත තරමක් කියා කිරීමට සිදුවෙයි. තම ස්වාධීන කි‍්‍රයා ඉදිරියට ගෙන යා හැක. මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ජයවේ. තුර`ග තරගවිල් ජයවේ. රැුකියා ස්ථානයේ උසස්වීම් හෝ රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණ - තද කහ- ජය අංක – 09


අද දවස ඔබට කොහොමද? - 2017 අපේ‍්‍රල් මස 05 වන බදාදා