අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 21 වන අගහරුවාදා

ඉර උදාව - පෙරවරු 06.14 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට
රාහු කාලය
දිවා 15.14 සිට 16.43 දක්වා.
රාත‍්‍රී 03.14 සිට 04.43 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ :- ශුභ දිනකි. තම අභිමත කරුණු ජයගනී. රාජකාරී ස්ථානවල කැපීපෙනෙන චරිතයකි. පරෝපකාරීව  දවසේ කටයුතුවල යෙදේ. තමන් වෙත ඇති අභියෝග  ජයගනි. ඇසුරු කරනන්නන්  ප‍්‍රසාදයට පත්කරවයි.  පී‍්‍රති  උත්සවවලට  සහභාගීවීමේ  අවස්ථා යෙදේ. හදිසි ධනලාභ ලබන දිනකි. ශුභ වර්ණය :- රන්වන්  ජය අංකය 01

වෘෂභ :- ශුභ දිනකි. දුර ගමන්, විනෝද ගමන්වලට හේතුයි. එතෙර ගමන් සඳහා ශුභයි තමන්ගේ බලාපොරොත්තු තරමක් ජයගනී. සම්මුඛ සාකච්ඡුා, සම්මුඛ පරීක්‍ෂයේ දී කටයුතුවලින් ජය ගැනේ. ශුභ වර්ණය :- ලා රතු, ජය අංක 04

මිථුන :- ශුභ දිනයකි. තමන්ගේ සිතුම් පැතුම් අනුව  කටයුතු කිරීමේ අවස්ථා යෙදේ. නව නිපැයුම්  ඇරඹීමට  හොඳයි. අතපසු වූ වැඩකටයුතු  ඉදිරියට ගෙන යා හැකි අතර ඇසුරු කරන්නන්ගේ උපකාර ලබයි. ශුභ වර්ණය - ලා රතු ජය අංකය – 06 

කටක :- තරමක් ශුභ දිනකි. රාජකාරී  ස්ථානවල තරමක  මතභේද  ඇතිවේ. ඇසුරුකරන්නන් නිසා කලකිරීම් ඇතිවෙයි. බුද්ධිය මෙහෙයවා  දවසේ කටයුතුවල  යෙදීම මැනවි.  සම්මුඛ සාකච්ඡුා,  සම්මුඛ පරීක්‍ෂණ  වැනිදේට ශුභයි. පී‍්‍රතී උත්සව  යෙදේ. හදිසි ධන ලාභ වැනි දේවලට  හේතුයි. ශුභ වර්ණය :- කී‍්‍රම් පැහැය  ජය අංකය :- 07

සිංහ :- ශුභාශුභ මිශ‍්‍ර  දිනකි. තම රාජකාරි  කටයුතුවලට  අමතර ඇසුරු  කරන්නන්ගේ අවශ්‍යතා  වෙනුවෙන් කාලය, ශ‍්‍රමය වැයකිරීමට සිදුවේ.  නිශ්චල , චංචල  දේපළ මිලට  ගැනීමට ශුභයි. මුදල්   ගනුදෙනුවලදි  දුරදිග බැලීම මැනවි.  රැුවටිලි වලට හසුවීමට  ඉඩ තිබේ.  භූමි ලාභ , භූමි සම්පත්  ළ`ගා කරන දිනයකි. ශුභ වර්ණය :- ලා දම් ජය අංකය:- 05

කන්‍යා :-  ශුභාශුභ මිශ‍්‍ර දිනකි. තම මතයට  වැඩකටයුතුවලට  යෙදීමෙන් අනවශ්‍ය ප‍්‍රශ්න පැන නගී. මහන්සියේ තරමට ප‍්‍රතිඵල  නොලැබෙන  අතර තරමක් නිශ්චල දේ සඳහා කාලය වැය කරයි. එබැවින් දවසේ ගන්නා තීරණ බුද්ධිමත් විය යුතුයි.  ශුභ වර්ණය :- කොළ ජය අංක  -03

තුලා :- ශුභාශුභ  මිශ‍්‍ර දිනකි. රාජකාරීවලදී කැපී පෙනේ.  මුදල් යොදවා කරන කටයුතුවලදී  ජය ලැබේ. නව නිර්මාණකරයට  , නව නිෂ්පාදන  ඇරඹීමට  ශුභය.  පී‍්‍රතී  ඇත. උත්සව  පි‍්‍රය සාදවලට  සහභාගීවීමේ  අවස්ථා යෙදේ. දුර  ගමන්, එතෙර  ගමන් සඳහා   ශුභයි.  හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - කී‍්‍රම් පැහැය ජය අංකය :- 02

වෘශ්චික :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. සම්මුඛ පරීක්‍ෂණ,  සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. රැුකීරක්ෂා ලාභ ලැබීම් හෝ තනතුරු ලාභවලට හේතුයි. පී‍්‍රතී උත්සවවලට සහභාගීවීම අවස්ථා සැලසේ. චංචල, නිශ්චල දේපල මිලට ගැනීමට හේතුයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය :- ලා රතු  ජය අංකය :-  07

ධනු :-  ශුභාශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරී ස්ථානවල සුළු මත ගැටුම් ඇතිවේ. තමන් පසුපස සැ`ගවුණ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. ඉවසීමෙන් ජයගත හැකි අතර, ඇසුරු කරනන්නන් අතර ප‍්‍රසාදය දිනා ගනී. හවුල්  ව්‍යාපාරවලට හොඳයි. ශුභ වර්ණය :-  තද කහ, ජය අංකය :- 03

මකර :- තරමක් ශුභ දිනකි. ගමන් බිමන් බහුල වෙයි.  උනන්දුවෙන් රාජකාරී කටයුතුවල යෙදේ. තමන් වෙත ඇති අභියෝග ජයගනී. නව නිර්මාණ, නව වැඩ කටයුතු ඇරඹීමට හොඳයි. උගතුන්ගෙන්  උපදෙස් ලබයි. ලිපි ලේඛනවලින් ජයගනී. වෙනදාට වඩා වැයපස අධිකවෙයි. භූමිලාභ උදාකරන දිනකි. ශුභ වර්ණය :- දම් ජය අංකය :- 08

කුම්භ :- ශුභ දිනකි. තමන්ගේ අරමුණු ජයගනි. දුර ගමන් , සුහද හමුවීම්වලට හේතුයි. ව්‍යාපාරවල  නැග්මකට හේතුයි. පී‍්‍රතී උත්සවවලට සහභාගී  වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ඇසුරු කරන්නන්ගේ සිත්  දිනා කටයුතු කරයි. භුමි ලාභ, සම්පත් ළගාකරන  දිනකි. ශුභ වර්ණය :- නිල්  ජය අංකය 01

මීන :- ශුභ දිනකි. උනන්දුවෙන් රාජකාරීවල යෙදේ. තම ඇසුරු කරන්නන්ගේ මතවලට ගරුකර කටයුතු කරයි. පරෝපකාරී දිනකි. ආගමික උත්සවවලට සහභාගීවීමේ අවස්ථා යෙදේ.  සුහද  හමුවීම්වලට  හේතුයි. තම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. අවිවේකය ඇතත් සතුටින් දවස ගෙවයි.  හදිසි ලාභ ලැබීම්වලට හේතුයි ශුභ වර්ණය :- තැඹිලි  ජය අංකය :- 09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර

071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 21 වන අගහරුවාදා