ඔහු තම පෙම්වතිය මාස 8ක් පුරාවට පණපිටින් වැළලුවා

මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටින මිනිසුන් තමන්ගේ ජීවිතය මෙන්ම අනුන්ගේ ජිවිතයද බිල්ලට දෙමින් කරන්නා වූ පුජෝපහාර ගැන අපි කොතෙකුත් අසා තියෙනවා. විශ්වකර්ම අපි අද කියන්න යන්නේ එවැනි කතාවක්.

ටැන්සානියාවෙන් වාර්තා වෙන මේ පුවත නිසා ඔබේ ඇඟම කිළි පොලා යනු නොඅනුමානයි. ධනවත් වීමේ අරමුණීන් තම පෙම්වතියව අමානුෂික ලෙස වළලනු ලැබූ පෙම්වතෙක් පිළිබඳවයි වාර්තා වන්නේ.


යකදුරෙක් ඔහුට උපදෙස් ලබා දී තිබුනේ ඉක්මනින් ධනවත් වීමට අවශ්‍ය නම් පෙම්වතියව පොළව යට සිර කොට සතියකට පමණක් ආහාර ලබාදෙන ලෙසයි.


ඉතින් මෙවැනි අමානුෂිකව සිර කර තබන ලද මෙම කාන්තාව ලද ඔත්තුවක් සමග මුදවාගෙන තිබෙනවා. බොහෝ දෙයින් ඇයගේ කර දුර්වලව පැවතිය නිසා යතා තත්වයට පත් වීමට නම් කාලයක් ගත වන බවයි පැවසෙන්නේ.

ඉතින් මිත්‍යා පසුපස යන මිනිසුන් මෙවැනි දරුණු ක්‍රියාවලට පෙළඹීමද අරුමයක් නොවේ.


මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටින මිනිසුන් තමන්ගේ ජීවිතය මෙන්ම අනුන්ගේ ජිවිතයද බිල්ලට දෙමින් කරන්නා වූ පුජෝපහාර ගැන අපි කොතෙකුත් අසා තියෙනවා.