මාර්තු 27 වැනිදා බුධ මේෂ රාශියට පිවිසෙයි

බුධ ග්‍රහයා 2017 මාර්තු 27 වැනිදා පෙ.ව. 7.38 ට මේෂ රාශියට පිවිසෙයි. මෙසේ බුධ ග්‍රහයා මේෂ ආශියට පිවිසෙන විට කුජ ද මේෂ රාශිය තුල ඉතා ප්‍රභල චලිතයක යෙදෙයි.

මේ ආකාරයට කුජ සහ බුධ යන ග්‍රහයන් එකම රාශියක හැසිරීම නිසා කුජගේ කූට ස්වභාවයත්, බුධගේ බුද්ධියත් සමගින් කූට බුද්ධිය ඇති කරවන ග්‍රහ සංයෝගයක් නිර්මාණය වෙයි. ඒ හේතුවෙන් මාර්තු 27 වැනිදා පෙ.ව. 7.38 ත් අප්‍රේල් 13 වැනිදා පෙ.ව. 4.12 ත් අතර කාල සීමාව තුල අපරාධවලට අදාළ පාතාලයන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. 

මෙම ග්‍රහ මාරුව හේතුවෙන් මෙය මිථුන, සිංහ, ධනු සහ මකර ලග්නවලට යහපත් ප්‍රතිඵල ලබාදීමට හේතු වේ.

සාමාන්‍යයෙන් මාසයකට ආසන්න කාලයක් එන රාශියක ගමන් කරන බුධ 2017 මාර්තු 27 මේෂයට පැමිණ ජුනි 02 දක්වාම එහි සිටි. බුධ වක්‍රව, නිවෘතව එකම රාශියට ගමන් කිරීමේදී කල්ගතවන ස්වභාවයක් ඇති නිසා මෙය යම් යම් ලග්නවලට ශුභඵල ද සලසයි.

මිථුනයට ලග්නාධිපති අය භාවය ගෙවත 11 ගමන් කිරීමද, සිංහයට ධනු අය භාව අධිපති භාග්‍යස්ථානය හෙවත් 9ත පැමිණීමද මකරයට භාග්‍යස්ථානය අධිපති සුඛ භාවය හෙවත් 4 වැන්නට පැමිණීමද මත මෙම ලග්නවලට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. ධන ලාභ, හදිසි වාසනා, රැකියා සාර්ථකත්වය, කුසලතා වර්ධනය මෙන්ම යම් යම් ලාභ ප්‍රයෝජන වාසනාව පෑදීම මෙහි ප්‍රතිඵල වනු ඇත. බුධ දශාවක් වේ නම් ප්‍රතිඵල ඉතාමත් යහපත් වනු ඇත.

රටක් වශයෙන් සලකන කල මෙම බුධ ගමන කාලගුණ විපර්යාසයන්ට බලපානු ඇත. අප්‍රේල් 10 සිට මැයි 03 දක්වා බුධගේ වක්‍රයක් සිදුවීම, බෙන්ගාල බොක්කේ පීඩනය, සුළඟ, කාලගුණ විපර්යාස, වැස්ස, කුණාටු ආදියෙන් ඇතිකරන හානි, ගංවතුර වැනි දෑ, මුහුදු අනතුරු, ජල ගැලීම්වලටද ඉඩ සලසන බව පෙනේ.

තවද එම කාල සීමාව තුල පරිගණක වෛරස් ආදියෙන් ඇතිවිය හැකි බලපෑම්ද ඉහල යනු ඇත. එමෙන්ම බුධ ග්‍රහයා මේ ආකාරයට මේෂ රාශියට පිවිසීම හේතුවෙන් මාර්තු 27 වැනිදායින් පසුව එළැඹෙන දින 3 තුල අධ්‍යාපන, සන්නිවේදය අංශ සම්බන්ධව සහ කුඩා දරුවන් සම්බන්ධව අලුත් ආරංචි ලැබීම් පෙන්නුම් කෙරේ.

2017 වසරෙහි මාතු 26 වැනිදා රාත්‍රී 8.37 ට බුධ සහ යුරේනස් යන ග්‍රහයෝ යුධ වදිති. මෙම ග්‍රහ යුද්ධයෙන් යුරේනස් පරාජයට පත් වන නිසා මාර්තු 26 ආශ්‍රිත දිනවල ප්‍රභල පාතාල නායකයන්ට ත්‍රස්තවාදීන්ට ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ වෙනත් ආයුධ අත දරන්නන්ට අසුභ බලපෑම් පෙන්නුම් කෙරේ.

තවද යුරේනස් ග්‍රහ යුද්ධයට සම්බන්ධ වන නිසා මාර්තු 26 ආශ්‍රිත දිනවල හදිසි අනතුරුවල ද වැඩිවීමක් පෙන්නුම් කෙරේ. මාර්තු 25 වැනිදා ප.ව. 3.18 ට රවී සහ සිකුරු යන ග්‍රහයන් මින රාශිය තුල නියම ලෙසම සංයෝග වන බව පෙනේ.


බුධ ග්‍රහයා 2017 මාර්තු 27 වැනිදා පෙ.ව. 7.38 ට මේෂ රාශියට පිවිසෙයි. මෙසේ බුධ ග්‍රහයා මේෂ ආශියට පිවිසෙන විට කුජ ද මේෂ රාශිය තුල ඉතා ප්‍රභල චලිතයක යෙදෙයි.