වෙනත් මානවලින් ආ අදටත් අභිරහසක්ව පවතින ජීවින්

අපගේ පෘථිවිය මෙන්ම විශ්වයද අභිරහස් ගොන්නකින් සැඟවී ගත් තැනක්. ඇල්බර් අයින්ස්ටයින්ගේ ක්වොන්ටම් වාදය නිසා මුළු ලෝකයම ඉතා ඉක්මනින් පෙරළුණු පෙරලිල්ල හිතාගන්නවත් බැරිය. තාක්ෂනය අධිකවේගයෙන් දියුණු උනි. ඒ වගේම අදටත් විසඳාගත නොහැකි අභිරහස් ගොන්නක් අදටත් ඉතිරිව පවතිනවා.

විශ්වයේ අප නොදන්නා විවිධ මානයන් තිබෙනවා. අප දන්නා ඒක මාන, ද්විමාන ත්‍රිමාන හැරුණු කොට ඉන් ඔබ්බට ගිය මානයන්ද විශ්වයේ අප අතර තිබෙනවා. ඉදින් අපට නොපෙනෙන මේ මානයන් තුල අපට නොපෙනෙන විවිධ ජීවින් රැසක් සිටිනවා. මේ මාන තුල විවිධ සමාන්තර ලෝක තිබෙන බව මායා බන්ධන වැනි කථා මාලා වලින් ඔබ නොදැන සිටීමට කරුණක් නැහැ.

විශ්වකර්ම අපි අද ඔයාලට ගෙන එන්නේ වෙනත් මාන වලින් පෘථිවියට පැමිණි අද්භූත ජීවින් පස් දෙනෙකු පිළිබඳවයි.

01. ප්‍රෙස්ටන් නිකොලස්


ප්‍රෙස්ටන් නිකොලස් මහතා විසින් Montauk Project නමින් වූ පොත මගින් ඇමෙරිකාව තුල වූ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළි කළා. මේ ව්‍යාපෘතිය තුලින් සමාන්තර ලෝක තරණය, වෙනත් මාන වලට පිවිසීම, අධිමානසික හැකියාවන්, කාලතරණය වැනි විවිධ විෂයයන් පිළිබඳව ගවේෂණය කර තිබෙනවා. ඇමෙරිකානු රජය විසින් කාලතරණය සහ වෙනත් මානවලට යාම සඳහා උමගක් ඉදිකර ඇති බවට මෙම පොත මගින් හෙළිදරව් කර තිබෙනවා. එසේම ඔහු විසින් දෙවන ලෝක යුධ සමයේ වෙනත් මාන සහ ග්‍රහ ලෝකවලට ගමන් කල බව ඔහු විස්තර කර තිබෙනවා.

02. රෙප්ටිලියන්ස්


සමහර නාගයින්ට මිනිස් වෙස් ගන්න පුළුවන් බව ඔබ අසා ඇති. මෙවැනි මිනිස් වේශයක් ගතහැකි උරග ජීවී කොට්ඨාශයක් ජිවත් වන බව පැවසුවොත් ඔබ විශ්වාස කරනවද. හතරවන මානයකින් පැමිණි පිටසක්වල ජීවී විශේෂයක් බවද විද්වතුන්ගේ අදහසයි. මිනිසා යනු මේ උරග මිනිසුන් විසින් ජාන තාක්ෂනය යොදාගෙන නිපදවන ලද්දක් බවටද මතයක් පවතිනවා.

03. ඩන්කන් සහ එඩ්වඩ් කැමරන්


පිලඩේල්පියා පර්යේෂණය ගැන ඔබ අසා ඇති. 1943 වර්ෂයේදී ඇමෙරිකානු නාවික හමුදාව විසින් නැව් අදෘශ්‍යමාන කිරීමේ තාක්ෂනය හත්හදා බැලීමට කරන ලද පර්යේෂණයකි. ඩන්කන් සහ එඩ්වඩ් කැමරන් කියන්නේ මේ පර්යේෂණයෙන් දිවි ගලවා ගත් දෙදෙනෙකි. පර්යේෂණය අතරතුර නැවෙන් පලා යාම නිසා වෙනත් මානයක මොහුන් දෙදෙනා සිර වූ බවත් මොහුන් පවසනවා.

04. සෙවනැලි මිනිසුන්


අඳුරු සෙවනැල්ලක් මෙන් දිස් වන මිනිසාට සමාන පෙනුමක් ඇති මේ ජීවින් මේ පොලෝ තලයේම වෙනත් මානයක ජිවත් වන ජීවී විශේෂයක් බව පර්යේෂකයන් පවසනවා. එසේම අප දන්නා යක්ෂ ප්‍රේත භූත යනාදී අමනුෂ්‍ය කොටස් ලෙසද සමහරුන් මොහුන්ව අර්ථදක්වනවා.

05. වූල් පිට් වල කොළ පැහැති ළමුන්


එංගලන්තයේ වුල්පිට් නම් ගම්මානයේ හරිම අමුතු අද්භූත ළමුන් දෙදෙනෙක් හමුව තිබෙනවා. ඔබ විශ්වාස කරනවද ඒ ළමුන්ගේ ඇඟවල් හරිත වර්ණයෙන් පිරි තිබුණු බව. මේ ළමුන් දෙදෙනා කථා කලේද හරිම අමුතු භාශාවකිනි. ඒ වගේම මෙයාල ආහාරයට ගත්තේද අමු බෝංචි ඇට පමණයි. මෙයාලගේ ඇඳුම් පැළඳුම් වල පවා විශාල වෙනසක් තිබුනා. හරිම පුදුමසහගත කරුණ වන්නේ කාලයක් යත්ම මේ ළමුන් දෙදෙනා ගමේ ආහාර රටාවට හුරුව අනුක්‍රමයෙන් මෙයාලගේ හරිත වර්ණය ශරීරයෙන් අතුරුදහන් වෙලා තිබෙනවා. ශෝකජනක කාරනාව නම් මේ පිරිමි ළමයා මේ ස්වභාවධර්මයාට අනුගත නොහැකිව මිය යාමට සිදුවීමයි. වාසනාවකට ගැහැණු දරුවා මේ පෘථිවියට අනුවර්තනය වී කාලයක් යත්ම ඉංග්‍රීසි භාෂාවට හුරු වීමට හැකියාව ලැබුණි.

හිරු එලිය අවම වූ සියලු දේ කොළ පැහැයෙන් යුතු වූ සේන් මාටින් ලෑන්ඩ් නමැති ස්ථානයකින් ඈ පෘථිවියට පැමිණි බව කියා සිටි අතර එකවර විශාල ශබ්ධයක් සහිත ආලෝකයක් ඇති වූ පසුව අවදිව බලනවිට ඈ මේ පොලෝ තලය මතට පැමිණි බව කියා සිටින්නීය.


අපගේ පෘථිවිය මෙන්ම විශ්වයද අභිරහස් ගොන්නකින් සැඟවී ගත් තැනක්. ඇල්බර් අයින්ස්ටයින්ගේ ක්වොන්ටම් වාදය නිසා මුළු ලෝකයම ඉතා ඉක්මනින් පෙරළුණු පෙරලිල්ල හිතාගන්නවත් බැරිය.